නාඩු සහ සම්බා වී කිලෝවක මිල රුපියල් 118 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මරඳගහමුල සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් පැවසුවේය.
වී මිල ඉහළ යෑම හේතුවෙන් ඊයේ (07 වැනිදා) දිනයේ දී මරඳගහමුල සහල් වෙළෙඳ පොළේ සහල් කිලෝවක තොග මිල රුපියල් 205 ත් 207 ත් අතර දක්වා ඉහළ ගොස් තිබිණි. වී මිල සමාන වීම හේතුවෙන් සම්බා සහල් සහ නාඩු සහල් මිල ද එකම මිලක පවතී.
කිලෝ ග්‍රෑම් 64 ක වී මිටියක මිල රුපියල් 7500 ක් දක්වා වැඩිවී තිබෙන බවත් පොලොන්නරුවේ සිට මරඳගහමුලට එක් වී මිටියක් ප්‍රවාහනය කිරීමට රුපියල් 250 ක් වැය වන බවත් සභාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 15 ක් වැය වන බවත් ඔහු කීවේය.
සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 220 ක් පමණ මෝල් හිමියාට වැය වූවත් සහල් කුඩු සහ හූනුසාල් මිල ඉහළ නිසා එම පාඩුව පියවාගෙන සහල් කිලෝව රුපියල් 205 ත් 207 ත් අතර මිලකට අලෙවි කරන බව ද ඔහු සඳහන් කළේය.
රජයෙන් අවම වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක්වත් ආනයනය කළහොත් සහල් මිල යම් පාලනයක් කළ හැකි බව ද පෞද්ගලික අංශය සහල් ආනයනය කිරීම මගින් ජනතාවට සෙතක් නොවන බව ද ඔහු කියයි.