පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (21) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තීරණය කිරීම සදහා මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර පාර්ලිමේන්තුව අද උදෑසන 10.00 ට රැස්වීමට නියමිතව ඇති අතර ඊයේ (20) දිනයේ රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.