අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), පසුගියදා පැවති ‘Great Manager Awards 2021’ සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරුවන් සිටින සමාගමක් වශයෙන් සම්මාන 5 කින් පිදුම් ලැබී ය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මාන ශාලාවේදී (BMICH) පැවැත්විණි. Colombo Leadership Academy (CLA) විසින්, People Business සමග එක්වී මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.