පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකරන දෙන ලෙස සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව අද (24) මිනුවන්ගොඩ, උඩුගම්පොළ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුන්ගේ දේවස්ථානයේ සිට පාගමනක් සහ රථ පෙළපාලියක් පැවැත් වුණා.

විරෝධතාකරුවන් මිනුවන්ගොඩ නගරය වෙත පැමිණි පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවස ඉදිරිපිට සිට සිය විරෝධය පළ කිරීමට කටයුතු කළා.

මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

By admin