විදුලි බිල ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

කෙසේ නමුත් එය ක්‍රියාත්මක වීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවත් උත්පාදන වියදමට ගැළපෙන ආකාරයේ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ (25) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක් වෙමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළා.

By admin