ශ්‍රී ලංකා පරිපාලන සේවා නිදහස් සංගමය විසින් අද (28) ආණ්ඩුවට විරෝධය පළ කරමින් “රට ස්ථාවර කර ජන ජීවිතය සුරකිනු” යනුවෙන් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.
කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිටින් විරෝධතාවය ආරම්භ කළ අතර මේ වනවිට එම පාගමන ගාලු මුවදොර අරගල භූමියට ගොස් ඇතැයි අප වාර්තාකරු පැවසීය.
විරෝධතා පුවරු අඳිමින් එම විරෝධතා පාගමනට සහාය දැක්වීමට හිටපු මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා ද එක්ව සිටීම විශේෂත්වයක් වුණි.