පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් හා ජනාධිපතිවරයා අතර හමුවක් අද කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවී තිබෙනවා.

එහිදී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සංකල්පීය එකඟතාවකට එළඹීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා සමඟ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සහභාගීවී තිබෙනවා.

By admin