රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව හෙට (03) දිනයේ උදෑසන 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකරන බව අනුර කුමාර දිසානායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසනවා.
රාජපක්ෂ පවුලේ හා දූෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුර එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මීට පෙර අවස්ථා ගණනාවකදී සඳහන් කර තිබුණා.
මෙම මාධ්‍ය හමුව හෙට දිනයේ අප ෆේස්බුක් පිටුව ඔස්සේ ගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.