රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අදාළ ඇප ඉල්ලීම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
රඹුක්කනදී විරෝධතාවයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට සැකපිට කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පසුගියදා අධිකරණය විසින් නියෝග කළා.