පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය තේරී පත්වී තිබෙනවා.
ඒ අනුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ඡන්ද 148 ක් ලබාගෙන තිබූ අතර විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් ඡන්ද 65 ක් ලබාගෙන තිබුණා.
ඒ අනුව වැඩි ඡන්ද 83 කින් නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය තේරීපත්වී ඇති අතර ඔහු මීට පෙරද නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළා.