අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය අද (05) පාර්ලිමේන්තුව අසළ පැවැත්වූ විරෝධතාවයට පොලීසිය විසින් අවස්ථා කිහිපයකදීම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූවා.

කෙසේවෙතත් සිසුන් එම ස්ථානයෙන් විසිර නොගිය අතර ඔවුන් මේ වන විට පාර්ලිමේන්තු මාර්ගය අසළ ඇති දියත උද්‍යානයේ රැය පහන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළින් බොහෝ පිරිස් ඉල්ලා සිටියා හැකි අය වේ නම් මෙම ශිෂ්‍යයන් හට රාත්‍රී ආහාර හැකි අයුරින් සපයා දෙන ලෙසයි.

එම ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් විවිධ ප්‍රදේශවලින් දියත උද්‍යානයට පැමිණෙන පිරිස් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විරෝධතාකරුවන් හට ආහාර පාන හා ජලය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ලාංකික පුරවැසියන්ගේ මෙම එකමුතුකම අගයමින් සමාජ මාධ්‍ය තුළ මෙම පුද්ගලයන්ව දැඩි ප්‍රශංසාවට ලක්කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

By admin