අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් අතර ඇතිවූ නොසන්සුන්තාවයකින් පසුව පොලිස් නිලධාරීන් 11 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

මේ අතර එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය එල්ලකළ වෙඩි පහරකින් තුවාළ ලැබූ පුද්ගලයෙකුද රෝහල්ගතකර ඇත බවයි වාර්තාවන්නේ.

මෙම ගැටුමට හේතුවී ඇත්තේ අක්කරෙයිපත්තු පාලමුල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඇදවැටී තුවාල ලැබීමේ සිදුවීමක් හේතුවෙන්.

මෙම සිද්ධියට අදාළව තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලිසිය සහ ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

මෙහිදී පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඉන් එහි සිටි අයෙකුගේ පාදයට තුවාල සිදුව ඇති බව පොලීසිය පවසනවා.

By admin