යම් ගැටළුවක් හේතුවෙන් හෝ පොලිසියට හෝ වෙනත් යම් හදුනා නොගත් කල්ලියකට සහාය නොදැක්වීම හේතුවෙන් හෝ යම් කණඩායමක් නීතියට පරිබාහිරව බලාපොරොත්තු වූ ඉල්ලීම් ලබා නොදීම නිසා හෝ යම් පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් හෝ කඩුවෙල මහේස්ත්‍රාත්වරයාගේ පොලිස් ආරක්ෂාව ඉවත්කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවත් අද හවස සිදු වී තිබෙන බව පැවසෙන මේ කාරනාව අපට වාර්තා වන්නේ මීට මොහොතකට පෙර බැවින් මේ කාරනාව අප විසින් තහවුරු කරගැනීම සදහා පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහාන් මහතා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා දුරකතනයේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කලද දුරකථන දෙකටම ප්‍රතිචාර නොලැබුණි. කෙසේ නමුත් අධිකරණසේවා කොමිසම් සභාවේ මැදිහත්වීම මත නැවත එම ආරක්ෂාව ලබා දී තිබෙන බවද වාර්තා වේ.

අධිකරණය යනු ජනතාවගේ ප්‍රශ්න විසදා ගැනීම වෙනුවෙන් තිබෙන උත්තරීතරම ආයතනය වේ. මෙසේ නීතිවිරෝදී කාරණාවක් ඉටුකරගැනීම සදහා හෝ යම් නීතිවිරෝදී අකාරයෙන් ගරු මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව ඉවත් කලේ නම් එසේ ඉවත් කිරීමට තීරණය කල පොලිස් නිලධාරීන් සිදුකරනුයේ තව දුරටත් ප්‍රශ්න ඇවිලීම බව වටහා ගත යුතුය. එසේම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ගරු අග්‍රාමාත්‍යවරයා මේ කාරනාව සිදුකලේ යයි අප විශ්වාස නොකරමු. ඔවුන්ට එසේ සිදු කිරීමට අවශ්‍යතාවයක් නැත. එසේ කිරීමට අවශ්‍යනම් ඊටත් වඩා ඉහල අධිකරණවල නඩු තිබේ. එසේ කලේ නම් කර තිබෙන්නේ යම් උසස් පොලිස් නිලධරියෙකු විය යුතුය. නීත්‍යානුකූලව පත්ව සිටින පාලක පන්තිය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නීතියට අනුව බැදී සිටින නමුත් නීති විරෝදී වැඩ කරමින් අධිකරණයට බලපෑම් කිරීමට ඔවුන්ට නීතියෙන් අවසර නැති අතර ආරක්ෂක අංශ දුර දිග බලමින් කටයුතු කල යුතු බව අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු. නැති ප්‍රශ්න ඇතිකරලීමේ පාපය ගෙවන්නට වෙන්නේ තමන්ටත් තනියම බව වටහාගෙන සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන් සුරැකිය යුතු බව තේරුම් ගෙන කටයුතු කළා යුතුව තිබෙන භයානක කාලයක් උදා වී තිබෙන බව තේරුම් ගත යුතුය.

එබැවින් මෙවැනි අකාරයෙන් යම් දෙයක් සිදුව තිබෙන්නේ නම් එසේ කල නිලධාරීන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කල යුතුය.

By admin