හර්තාල් ක්‍රියාමාර්ගය අවසන් වුව ද බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න අදහස් දක්වමින් සඳහන් කළේ, බස් රථ ධාවන සඳහා ඉන්ධන නොමැති වීම මීට හේතු වී ඇති බව ය.

මෙම තත්ත්වය තව ත් දින 4ක් පමණ පැවතිය හැකි බව ඔහු සඳහන් කළේ ය.

සභාපතිවරයා පෙන්වා දුන්නේ, ඉන් අනතුරුව බස් රථ ධාවනය සම්පූර්ණයෙන් ම ඇන හිටීමේ අවදානමක් පවතින බව ය.

“අද දුවන්නේ බොහෝ ම සීමාවෙන්. තෙල් නෑනේ. දවස් තුනක් හරතක් දුවනවා. ඊට පස්සේ නවත්තලා දානවා. වෙන කරන්න දෙයක් නැහැ.”

කෙටි දුර ධාවනය කෙරෙන බස් රථවලට සාපේක්ෂව දුර ගමන් සේවා සපයන බස් රථ ධාවනය සඳහා මෙම තත්වය දැඩිව බලපාන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

By admin