පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයකින් නියෝජ්‍ය කතානායක ධූරයට තේරී පත්වූ රංජිත් සියඹලා පිටිය සිය ධූරය ඉල්ලා අස්වීමට කටයුතු කළා.

ඔහු මෙලෙස නියෝජ්‍ය කතානායක ධූරයට තේරීපත් වුණේ දෙවන වරට වන අතර එම ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ ද දෙවන වරටයි.

මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ශ්‍රී හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් ද මේ සම්බන්ධව ට්විටර් සටහනක් තබමින් අසා තිබුණේ “මේක විහිළුවක් ද?” ලෙසයි.

පවත්නා අර්බුදකාරී තත්ත්වය තුළ කළ යුතු වඩාත්ම වැදගත් දෙය ලෙස කාලය සහ මුදල් නාස්ති කරමින් නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කරගත්තද ඔහු නැවත වරක් ඉල්ලා අස්ව ඇති බවයි මහේල සිය ට්විටර් සටහන තුළ වැඩිදුරටත් පවසා සිටින්නේ.

මහේල වැඩිදුරටත් සිය ට්විටර් සටහන තුළින් පවසා තිබුණේ “කරුණාකරලා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී ගෙදර ඉන්න” ලෙසයි.’මේක විහිළුවක්ද?’ – මහේලටත් එපා වුණු කතානායක සෙල්ලම

පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයකින් නියෝජ්‍ය කතානායක ධූරයට තේරී පත්වූ රංජිත් සියඹලා පිටිය සිය ධූරය ඉල්ලා අස්වීමට කටයුතු කළා.

ඔහු මෙලෙස නියෝජ්‍ය කතානායක ධූරයට තේරීපත් වුණේ දෙවන වරට වන අතර එම ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ ද දෙවන වරටයි.

මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ශ්‍රී හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් ද මේ සම්බන්ධව ට්විටර් සටහනක් තබමින් අසා තිබුණේ “මේක විහිළුවක් ද?” ලෙසයි.

පවත්නා අර්බුදකාරී තත්ත්වය තුළ කළ යුතු වඩාත්ම වැදගත් දෙය ලෙස කාලය සහ මුදල් නාස්ති කරමින් නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කරගත්තද ඔහු නැවත වරක් ඉල්ලා අස්ව ඇති බවයි මහේල සිය ට්විටර් සටහන තුළ වැඩිදුරටත් පවසා සිටින්නේ.

මහේල වැඩිදුරටත් සිය ට්විටර් සටහන තුළින් පවසා තිබුණේ “කරුණාකරලා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී ගෙදර ඉන්න” ලෙසයි.

By admin