ගාලුමුවදොර මහජන අරගලයේ නිරිත තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව අරගලයේ නිරත පිරිස් පවසනවා.
ඒ අනුව තැන්නේ ඤාණානන්ද හිමි,ටැම්පිටියේ සුගතානන්ද හිමි,දමිතා අබේරත්න,ජගත් මනුවර්ණ,ජෝසප් ස්ටාර්ලින්,සත්‍යවේල් පියතුමා, ධම්මික මුණසිංහ යන පිරිස මෙලෙස අත්අඩංගුවට නියමිත බවයි ඔවුන් සඳහන් කරන්නේ.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අද (30) පොලිස් අත්අඩංගුවට ගත්තා.