ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ම නිෂ්ප්‍රභ කර තිබේ.

අදාළ පෙත්සම් අද (ජූනි 21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා ඊයේ (ජූනි 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හෙට (ජූනි 22) දිනයේ මන්ත්‍රීවරයෙකු ලෙස පර්ලිමෙන්තුවේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කළේ ය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතා මෙලෙස පත්කිරීමට නියමිත ය.

By admin