Clicklife App යනු ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම රක්ෂණ සම්බන්ධ කටයුතු කළමනාකරණය
කරගැනීමට උපකාරී වීම සඳහා, යූනියන් ඇෂුවරන්ස් විසින් හඳුන්වා දෙන ලද පරිපූර්ණ ඩිජිටල් විසඳුමකි. මෙරට
රක්ෂණ ක්ෂේත්‍රය තුළ එබඳු යෙදුමක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව එය ලෙස සැලකේ. එම උත්සාහය තවදුරටත්
ඉදිරියට ගෙනයමින්, ගනුදෙනුකරුවන්ට නිරෝගී ජීවිතයකට අත්වැලක් වීම සඳහා Clicklife App හරහා ශරීර
සුවතාව ප්‍රවර්ධනය කිරීමටද යූනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන ඇත. ඒ වෙනුවෙන් Clicklife App තුළට,
ශරීර සුවතාව පවත්වා ගැනීමට ගනුදෙනුකරුවන් යොමුකරවන විශේෂාංග එකතුවක් ඇතුළත් කර ඇති අතර, එහිදී
ගනුදෙනුකරුවන්ට ලකුණු හිමිකර ගනිමින් විවිධ ත්‍යාග දිනාගැනීමටද අවස්ථාව හිමි වේ.
මෙම ජංගම යෙදුමේ විශේෂත්වයක් වන්නේ, ශරීර සුවතාව සම්බන්ධ ඉලක්ක ළඟා කරගැනීම මගින් වැඩිපුර ලකුණු
ලබාගෙන, වැඩියෙන් තෑගි දිනාගැනීමට අවස්ථාව හිමිවීමයි. පරිශීලකයන්ට තම කායික ක්‍රියාකාරකම් වල
ප්‍රගතිය නිරීක්ෂණය කිරීම පහසු කරන ඩෑෂ්බෝඩ් එකක් සහ, දිනපතා ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය
සටහන් කරගැනීම සඳහා කැලරි සටහනක්ද මීට ඇතුළත් වේ. මෙවැනි විශේෂාංග ගනුදෙනුකරුවන්ට නිරෝගී බව හා
ශරීර සුවතාව පවත්වා ගැනීම වඩාත් පහසු කරයි.
මීට ඇතුළත් කර ඇති කැලරි ගණන ක්‍රමවේදය සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා අතර ආහාර වල ඡායාරූප
අනුව එම ආහාර වල අඩංගු කැලරි ප්‍රමාණයන් හඳුනා ගැනීමේ හැකියාව එය සතු ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට
සිට දෛනික ආහාර වේල් වල කැලරි ප්‍රමාණයන් ගණනය කිරීම පහසු වේ. ශ්‍රී ලාංකික ආහාරපාන ඇතුළුව
ආහාරපාන වර්ග 900,000 කට අධික සංඛ්‍යාවක් එහි දත්ත ගබඩාවට ඇතුළත් කර ඇත.
මෙබඳු වැඩසටහනක් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලද්දේ ප්‍රථම වරට ය. මෙමගින්
ගනුදෙනුකරුවන්ට Mifflin-St. Jeor සමීකරණය මත පදනම්ව බර අඩු කර ගැනීම හෝ පවත්වා ගැනීම සඳහා
සැලැස්මක් නිර්මාණය කළ හැකි වේ. Mifflin-St. Jeor යනු ලොව බහුලව භාවිතා වන BMR (Basal Metabolic
Rate) සූත්‍රවලින් එකකි. එය එක් එක් පුද්ගලයන්ට විශේෂ වූ ආකාරයට දෛනික කැලරි සහ සක්‍රීය මිනිත්තු
ඉලක්ක නිර්මාණය කරගැනීමට උපකාරී වෙයි. මෙමගින් ඔවුන්ට තම සෞඛ්‍යයට වඩාත් සුදුසු ක්‍රියාකාරකම්
මොනවාද යන්න සහ ලෝක සෞඛ්‍ය සංගමයේ නිර්දේශ අනුව තම ක්‍රියාකාරීත්වය කෙබඳුද යන්න දැනගත හැකි
වේ. සතියකට අවම වශයෙන් සක්‍රීය මිනිත්තු 150 ක් වාර්තා කිරීම තුළින් කෙනෙකුට හොඳ නින්දක් ලැබීමටත්,
යහපත් මනෝභාවයකින් යුතුව සිටීමටත්, තම ආයුකාලය දීර්ඝ කරගැනීමටත් හැකි වනු ඇත.
“වගකීම්සහගත රක්ෂණ සමාගමක් වීම යනු හුදෙක් ප්‍රචාරණ පාඨයකට එහා ගිය දෙයක්. ස්ථුලතාව යනු ශ්‍රී
ලාංකිකයන් දීර්ඝ කාලයක පටන් මුහුණ දෙන ගැටලුවක් බව අප දන්නවා, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී
ලාංකිකයන්ගෙන් හතරෙන් එකකට අධික පිරිසක් ස්ථුලතාවෙන් පෙළෙනවා. එමෙන්ම රටේ මරණ අතරින් 80% කට
වැඩි ප්‍රමාණයකට හේතු වන්නේ හදවත් රෝග, ආඝාතය, පිළිකා, දියවැඩියාව, සහ නිදන්ගත පෙනහලු රෝගය
වැනි බෝ නොවන රෝගයි. ඒ නිසා, ජනතාවට ශරීර සුවතා ඉලක්ක ළඟා කරගනිමින් නිරෝගීව දීර්ඝ කාලයක් ජීවත්
වීමට උපකාරී වීම සඳහා Clicklife App තුළට මේ විශේෂාංග එක්කිරීමට අප තීරණය කළා. සමස්තයක් ලෙස රටේ
නිරෝගී බව නැංවීමට කළ හැකි වැදගත්ම දෙයක් නම්, සෑම පුද්ගලයෙකුම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු
කරවීමයි.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ සේවා නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය
පැවසුවා ය.
සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කළ ත්‍යාග ක්‍රමයක් සහිත Clicklife App ගනුදෙනුකරුවන්ට වඩාත් සුවිශේෂී
අත්දැකීමක් ලබාදෙයි. එමෙන්ම එහි ඇතුළත් ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් ගනුදෙනුකරුවන්ට ලකුණු ලබාගැනීමට
අවස්ථාව ලැබේ. මෙම ලකුණු, නවතම ඩිජිටල් වවුචර් ක්‍රමයක් ඔස්සේ එක්රැස් වන අතර, එලෙස එක්රැස් වන
ලකුණු සුපිරි වෙළඳසැල්, ඖෂධ අලෙවිසැල්, ආපනශාලා සහ ඇඟලුම් අලෙවිසැල් ඇතුළුව, මෙම වැඩසටහන සමග අත්වැල්
බැඳගෙන සිටින අලෙවිසැල් 85 කට අධික සංඛ්‍යාවකදී භාවිතා කළ හැක.

“නවීන තාක්ෂණය ඔස්සේ රක්ෂණ මිලදී ගැනීම වඩාත් සරල කිරීමත්, ගනුදෙනුකරුවන්ට නිරෝගී ජීවිතයකට
මගපෙන්වීමත් තුළින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයේ නියමුවෙකු බවට පත්වීමට යූනියන්
ඇෂුවරන්ස් සමාගම සමත් වී තිබෙනවා. අපගේ විශ්වාසය වන්නේ ඩිජිටල්කරණය තුළින් ජනතාවගේ ජීවිත වල
යහපත් වෙනස්කම් ඇතිකළ හැකි බවයි. Clicklife App අපගේ ගනුදෙනුකරුවන්ට තම රක්ෂණ සැලසුම්
කළමනාකරණය කරගැනීමට හා යාවත්කාලීන කරගැනීමට අමතරව නිරෝගීව සිටීමටත් නව ක්‍රමවේදයක්
හඳුන්වා දී තිබෙනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන තොරතුරු නිලධාරී හර්ෂ සේනානායක මහතා පැවසී
ය.
Clicklife App යනු යූනියන් ඇෂුවරන්ස් සමාගම නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ රක්ෂණ
ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීම සඳහා ගන්නා උත්සාහයේ වැදගත් පියවරකි. එය ගනුදෙනුකරුවන්ට වඩාත්
කාර්යක්ෂම ලෙස තම රක්ෂණ සේවාවන් කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලබාදීම තුළින් ජීවිත රක්ෂණයේ
ඩිජිටල් ආවරණ පරාසය වඩාත් පුළුල් කිරීමට සමත් වී තිබේ. මෙම පුරෝගාමී පියවර ගනුදෙනුකරුවන්ට වඩාත්
තෘප්තිමත් හා නිරෝගී ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දෙන අතරම, යූනියන් ඇෂුවරන්ස් සමාගමට ක්ෂේත්‍රය
තුළ ඉදිරියෙන්ම සිටීමටද මහෝපකාරී වෙයි.
විශිෂ්ටතම සේවාවක් සැපයීම ඉලක්ක කරගත් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පාරිභෝගික-කේන්ද්‍රීය ක්‍රමෝපාය
තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා Clicklife App කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ
වැඩි පිරිසක් වෙත රක්ෂණ සේවාවන් සමීප කරමින්, දිවයින පුරා ජනතාව සවිබල ගැන්වීමටද මහත් සේ දායක වී
ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන්
ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000
කට අධික පිරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2022 මාර්තු මාසය
වන විට රු. බිලියන 17.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.7 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ
රු. බිලියන 58.5 ක ආයෝජන එකතුවක් වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක්
වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය
වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.

By admin